(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කොට ඇති ප‍්‍රතිශෝධන අයැදුම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එම ඇයැදුම ලබන මස 18 වැනිදා යළි කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (22) නියම කළේය.
ස.තො.ස. සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමෙන් රජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළ බවට ඔවුනට චෝදනා එල්ලවී තිබේ.
මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමෙන් අල්ලස් පණත යටතේ විග‍්‍රහ කරන දුෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට අමතරව ස.තො.ස. හිටපු සභාපති එරාජ් ප‍්‍රනාන්දු හා එහි හිටපු ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂක කාජා මොහිදීන් මොහොමඞ් සාකීර් නමැත්තන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
2010 වසරේ සිට 2014 වසර දක්වා වසර පහක කාලයක් තුළ ස.තො.ස. සේවකයන් හතලිස්පස් දෙනෙකු ඔවුන්ගේ සේවාස්ථාන වල රාජකාරි කටයුතු වලින් පරිබාහිරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගෙන ඇති බවටත් රාජකාරි නොකළ සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස මුදල් ගෙවීමෙන් මෙලෙස රජයට පාඩු කොට ඇති බවද අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවල සදහන් කොට ඇත.
අල්ලස් පණතේ 70 වන වගන්තිය යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
මෙම පෙත්සම සැප්තැම්බර් මස 18 වැනිදා යළි කැදවීමට නියම කළ විනිසුරුවරයා ප‍්‍රතිශෝදන ඇයැදුම සම්බන්ධයෙන් එදින කරුණු තහවුරු කරන ලෙස නියම කළේය.

