හිටපු ඇමැති ආරක්ෂකයා ‘ගැරඬි‘ මරයි


මෝදර යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු හමුදා කෝප්‍රල්වරයකුට පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේදී මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයකුගේ ආරක්ෂක නිලධාරියකු පහර දුන් බවට පැමිණිල්ලක් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

ප්‍රතිකාර ලබා ගැනිම සදහා සෙබළා ඔහුගේ බිරිඳ හා දියණිය සමග මහනුවර රෝහල කරා ත්‍රිවිල් රථයකින් ගමන් ගන්නා අතරතුරදි අදාළ දේශපාලනඥයා සමග පැමිණි වාහනයේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරියෙක් වාහනය අයින් කිරීමට අණ කළ බවත් මාර්ගය පටු නිසා නොහැකි බව පැවසු විට ආයුධයකින් පහර දුන් බවත් සෙබලා පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන්වේ.