හිටපු අලියෙක් කෙසෙල් ඇවරියෙන් ඉල්ලයි


(අමල් වික්‍රමරත්න)

හිටපු එජාප මහ ඇමැති එම්.එස්.අමරසිරි  පුත් හිටපු  මන්ත්‍රී උපාලි අමරසිරි මහතා ගාල්ල දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වන එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් (කෙසෙල් ඇවරිය ලකුණින්)  නාමයෝජනා බාර දුන්නේය.

පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව,අම්බලන්ගොඩ යන නගර සභා සහ නෙළුව,බලපිටිය ප්‍රාදේශීය සභා වෙනුවෙන් තරග කරන එක්සත් ජනතා නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් සඳහා නාමයෝජනා බාරදීම ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ  අද (14)  සිදුවිය.

මෙම අවස්ථාවට හිටපු එක්සත් ජාතික පක්‍ෂ දකුණු පළාත් මහ ඇමැති එම්.එස්. අමරසිරි මහතාගේ පුත්  එක්සත් ජාතික පක්‍ෂ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී  උපාලි අමරසිරි  මහතා  ඇතුළු පිරිසක් සහභාගී වුහ.