(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රජයේ දේපොළ අවභාවිතා කළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.
සංස්කෘතික ඇමැතිවරයාව සිටි කාලයේදී භික්ෂුන් වහන්සේ නමකගේ භාවිතය සඳහා වාහනයක් ලබා දීම හිටපු ඇමැතිවරයාට එරෙහිව ඇති චෝදනාව වේ.
හිටපු ඇමැතිවරයාට සහය පළ කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරු 16 දෙනා එම අවස්ථාවට පැමිණි සිටීමද විශේෂත්වයකි.
ප්‍රදේශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා ඇත.