හිටපු අගවිනිසුරු ලිපි ගොනුවක් බාර දෙයි


කොළඹ විජේරාම මාවතේ අගවිනිසුරු නිල නිවසට පැමිණි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය හමුවීමට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකරී පැමිණියේය.

එවිට වේලාව පස්වරු 2.15 පමණ විය. ඔහු ඇයගෙන් ලිපි ගොනු කිහිපයක් බාරගත්තේය. පස්වරු 3.45ට පමණ ඇය තම පෞද්ගලික භාණ්ඩ රැගෙන පිටුපස දොරටුවෙන් පිටත්ව ගියාය. ඇය යළි අවුත් ඉදිරිපස දොරටුවෙන් පිටවී යනු ඇතැයි පොලීසිය කියයි.

තම පුත් ශවීන් සමග එහි පැමිණි බන්ඩාරනායක මහත්මිය පස්වරු 4.30ට පමණ පිටවී යනු ඇතැයි එහි සිටි පොලිස් නිලධරයෙක් කීවේය.

කොළඹ   පොලිස් අධිකාරී ලෙස්රි රණගල මහතා බෞද්ධාලෝක මාවතේ රැඳී සිටි මාධ්‍යවේදීනට එතැනින් ඉවත්වන ලෙද දැන්වීය.

හිටපු අගවිනිසුරුවරියගේ ප්‍රකාශයක් බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන් කීවිට පාරේ රැඳී සිටීමට ඉඩ දිය නොහැකි බව ඔහු කීවේය. අසල මහකොමසාරිස් කාර්යාලයයක් ඇතැයි ද ඔහු කීවේය.

එසේ නම් නිවස අසලට යන්නදැයි මාධ්‍යවේදීහු ඇසූහ. ‘දැන් ඇය අග විනිසුරු නොවෙයි. එතැන මාධ්‍ය හමුවක් තියන්නත් බෑ ‘ යනුවෙන් ඔහු කීවේය.

දෙස් විදෙස් මාධ්‍යවේදීහු 150ක් පමණ එහි පැමිණ සිටියහ.