හිටපු අග විනිසුරු නිල නිවස බාර දීමට යයි


ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය මින් මද වේලාවකට කළින් කොළඹ විජේරාම මාවතේ අග විනිසුරු නිල නිවසට පැමිණියාය.

ඇගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත්කැරගෙන නිල නිවස ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට බාර දීම සඳහා එසේ පැමිණි බව දැනගන්නට ඇත.

මාධ්‍යවේදීන් හා ඡායාරූප මාධ්‍යවේදීන්හට එහි ඇතුළු වීමට අවසර ලැබුණේ නැත. ඔවුහු බෞද්ධාලෝක මාවතේ රැඳී සිටිති.