(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඉදිරිපත් කළ යුතු සිය වත්කම් ප්‍රකාශ 2010 වර්ෂයේ සිට 2014 දක්වා කාලයක් ඉදිරිපත් නොකළ බවට හිටපු ක්‍රීඩා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩු පහක විභාගය ලබන 23 වැනිදා සිට ආරම්භ කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (04) නියෝග කළේය.
ඒ අනුව සාක්කි කරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත් වරයා වැඩිදුරටත් නියම කළේය.