හිඟන්නා රාවලින් නාවයි


මදුරංකුලිය රා තැබෑරුම අසළ සිටි යාචකයකුගේ රුපියල් 550ක් උදුරා ගත් පුද්ගලයකු කළ වැඩේ වැරදි යැයි කී අයකුගේ නිවසට ද පහර දී ඇතැයි මදුරංකුලිය පොලිසිය කියයි.

‘ඒ වැඩේ වැරදි හිඟන්නගේ සල්ලි ආපහු දීපං‘ යනුවෙන් එම පුද්ගලයාට පවසු ඇතැයි ද, ඒ සමඟම මුදල් උදුරා ගත් පුද්ගලයා රා කොප්පයකින් හිඟන්නා නහවා ඇතැයි ද, සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.