සුමතිපාල දීයගහගේ සහ ඩී ජි සුගතපාල
හික්කඩුව වෑවලදී මුහුදේ නාමින් සිටි රුසියන් ජාතිකයෙකු අද (23) මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇති පනස් අට හැවිරිදි විදේශිකයා රැල පහරකට හසුවී ඈත මුහුදට ගසා ගෙන යන විට එහි සිටි පිරිස විසින් මොහු බේරා ගෙන කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලුකර ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව රෝහල කියයි.