(අමල් වික්‍රමරත්න, ජේ.කේ.එල් චාමින්ද සහ ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
හික්කඩුව පොලිස් වසමේ නාරිගම හෝටලයක් අසලදී ඉනාසි චමින්ද කුමාර (31) නමැති පුද්ගලයකු අද (22) වෙඩි තබා ඝාතනය කර තිබෙන බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර 2008 වසරේ සිට සේවයට වාර්තා කර නොමැති පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
මොහුට වෙඩි වැදුණු අවස්ථාවේ ගිනිඅවි දෙකක් ද මොහු ළඟ තිබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මොහු මිනීමැරීම් 3ක් පිළිබඳව චෝදනා ලබා ඇත්තෙකු බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය පිළිබඳ හික්කඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.