හැරි කුමරුගේ විවාහය මැයි 19 දා


බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන ඇමරිකානු ජාතික මේඝන් මාකල්ගේ විවාහය වර්ෂ 2018 මැයි 19වන දින සිදුකිරීමට නියමිත බව කෙන්සින්ටන් මාළිගාවේ පිහිටි හැරී කුමරුගේ කාර්යාලය නිවේදනය කර ඇත.

ඔවුන්ගේ විවාහය බටහිර ලන්ඩනයේ වින්ඩ්සර් මාළිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය. 
දැනට එන්ගලන්තයේ රජ කිරුළ දරන 91හැවිරිදි දෙවන එළිසබත් රැජින ද සිය මුණුබුරාගේ විවාහ මංගල්‍යයට සහභාගී වනු ඇතැයි පැවසේ. 


හැරී කුමරු එංගලන්තයේ රජ කිරුළට හිමිකම් කියන පස්වැන්නා වේ. 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)