හැම තැනම මහ සෙනඟ


සිංහල හා හින්දු අලුත් අවුරුද්ද 14 වැනි දා ය.

අද කොළඹ, මහරගම, කිරිබත්ගොඩ, නිට්ටඹුව, ගම්පහ, මාතර,  මහනුවර, හැට්න්, නුවරඑළිය, මස්කෙළිය ආදී ප්‍රධාන නගරවල ද, උප නගරවල ද කඩ සාප්පු මහජනයාගෙන් පිරී ඉතිරී ගියේය.

බොහෝ නගර වල දැඩි වාහන තදබදයක් ද පැවැතියේය.

කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දකුණට යෑමට පැමිණි පිරිස් පිටකොටුවේ සහ මහරගම මහා දිග පොලිස්මවල සිටිනු දක්නට ලැබිණි.

කොළඹ කොටුව දුම්රියපොළේ තදබදය ද එසේම විය.

අලුත් අවුරුදු සාප්පු සවාරි ගැන සඳහන් කළ බොහෝ දෙනා විහිළුවට මෙන් කියා සිටියේ ආයෙත් අවුරුද්දක් නොඑන ගනනට අපේ මිනිසුන් තෙරපි තෙරපී බඩු ගන්න ගිහිල්ලා යනුවෙනි.

DSC09585 DSC09591 DSC09624 DSC09630 DSC09634 DSC09637 DSC09640