(ජයන්ත සමරකෝන්)
පරිගණක පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් අද (5) දවස තුළ ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (4) හටගත් මෙම දෝෂය යථා තත්වයට පත්කර ගැනීමට නොහැකිවූ බැවින් අද (5) දිනය තුළ එක් දින සේවා හැඳුනුම්පත් ඉල්ලුම්පත් බාර නොගන්නා බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
එසේ වුවද සාමාන්‍ය සේවා ක්‍රියාත්මක බැවින් එම සේවාවට අදාළව ඉල්ලුම්පත් බාරදිය හැකි බවද ඒ මහතා කීය.

