(මනෝජ් හර්ෂික)
ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් එම හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා මේ දිනවල වැඩි වශයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පී. වියානි ගුණතිලක මහතා පවසයි.
රටේ පවතින කලබලකාරී වතාවරණය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පුද්ගයින් වැඩි වශයෙන් පෙළඹී ඇතැයි ගුණතිලක මහතා සඳහන් කරයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ අයදුම්පත් 60% පමණ ප්‍රමාණයක් තම දෙපාර්තමේන්තුවට මේ වනවිට ලැබී ඇති බවත් තවමත් අයදුම්පත් එවා නොමැති පාසල් කඩිනමින් එම අයදුම්පත් තම දෙපාර්තමේන්තුවට එවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

