හැදු මව මැරූ පුතු පෝරකයට


(එම්.සුසිල් ප්‍රියන්ත)
                                     
සිය හැදු මවට ලී පටියකින් පහරදී ඝාතනය කළේ යැයි වැරදිකරුවකු වූ පුතෙකුට මරණ දණ්ඩනය ලබාදෙන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ල මහතා නියෝග කළේය.

මෙසේ මරණ දණ්ඩනය නියම කෙරුණේ මත්හක පෝද්දිවෙල පොද්දීවෙල හේවගේ ඉන්ද්‍රජිත් රුපරත්න  නැමැත්තාටය.

මේ සැකකාර පුතු අතින්  ඝාතනය වී තිබුණේ ඔහු හැදු මව වන මත්තක පොද්දිවෙල යසවතී වීරසිංහ නමැත්තිය බව මේ නඩුව ගොනුකළ පිටිගල පොලිසිය කියයි.

ඝාතනය වූ තැනැත්තිය දරුකමට සැකකරු කුඩා කල සිටම හදා වඩාගෙන ඇති බැවින් ඔහුගේ හැදු මව වනුයේ  ඔහු අතින්ම ඝාතනය වුණු මේ කාන්තාව බවද පොලිසිය කියයි.