හැඩ ඔය සැඩ වී පවුල් 100 ක් කොටු කරයි


ඉරිදා සිට පවතින මහ වැස්සෙන් හැඩ ඔය සහ මහ ඔය පිටාර ගලා ලාහුගල පොතුවිල් මාර්ගය ද සියඹලාණ්ඩුව පානම මාර්ගය ද ගං වතුරෙන් යටවී ඇත. ගමනා ගමනය මුළුමනින්ම නතර වී ඇති බවත් පානම පවුල් සියයක් පමණ කොටුවී සිටින බවත් පොලීසිය හා යුද හමුදාව සහන සේවයට කැඳවා ඇති බවත් දැනගන්නට ඇත.