හැටලක්‍ෂයේ කප්පම අජීර්ණ වේ
වැල්ලම්පිටියේ පාතාල කල්ලියකින් බව කියමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ හැටක් කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගත් අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනෙක් අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බී.ඞී.ආර්.ඇස්. කුමාර මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියකු වන කලල්පිටිය නිලංග අනුරුද්ධ අබේසිංහ, ගොඩගම එල්ලක්කල ඇස්.පී. ජිනදාස හා ඉන්දික උදයකුමාර ඔවුහුය.

