හැටන්හි මධු ලෝලීන් පාලනයට පොලිසිය එයි


(රංජිත් රාජපක්ෂ )               

හැටන් නගරයේ රටබිම මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණිමෙන් එම පිරිස පාලනය කිරිමට හැටන් පොලිසියට මැදිහත්විමට සිදු විය.

කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් අතරින් මත්පැන් අලෙවිසැල් පමණක් අද (13) දින විවෘත කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදි ඇත.

රට බිම මැත්පැන් අලෙවිසැලක් තුලට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු පමණක් රැගෙන මත්පැන් අලෙවි කිරිමටත්, එම මත්පැන් අලෙවිසැල් විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කර තිබුණි.