හැටන් ව්‍යාපාරිකයා පැහැරගනී


රුපියල් ලක්ෂ එකහමාරක කප්පම් නුදුන්නැයි  හැටන් ව්‍යාපාරිකයකු  පැහැරගෙන ගොස්  කැපුම් තුවාල සහිතව මහ මග දමා ගොස් ඇතැයි පොලීසියට පැමිණිළි කැර තිබේ.

 හැටන් බණ්ඩාරනායක නගරයේ පදිංචි මාලන් විජේරත්න (35) පොලීසියට කියා ඇත්තේ  වසර දෙකකට කලින් තමාගෙන් මුදල් ලක්ෂ හතර හමාරක් පමණ වරින් වර මුදල් ලබා ගත් බවයි.

නාඳුනන තරුණයන් පස් දෙනකු  තමා පැහැරගෙන  ගිය බවත් සිහිය නැති වු බවත් සිහය ලැබෙන විට හැටන් නෝර්වුඩ් පාරේ කාණුවක සිටි බවත් එක් දරු පියකු වන ව්‍යාපාරීකයා පොලීසියට කියා ඇත.