හැටන් වතු යායක ගින්නකින් අක්කර 10 ක් විනාශයි


( රංජිත් රාජපක්ෂ  )

හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතු යායට අයත් සිත්තර වත්ත කොටසේ හටගත් ගිනන්කින් අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ඉලුක් සහ යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවරක්ෂිත අසල පිහිටි හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවෝ කියති.

සිඝ්‍රයෙන් පැතිර ගිය ගින්න රක්ෂිතය අසල පිහිටි තේ වගා භුමියකට පැතිර යාම නිසා රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකු එක්ව පැතිර ගිය ගින්න පාලනය කිරිමට කටයුතු කෙරිණ.