රංජිත් රාජපක්ෂ
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සිට නුවරඑළිය දක්වා ස්ථාන කිහිපයකම තවදුරටත් ප්‍රධාන මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම රථ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා කර ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙසේ පස්කඳු කඩා වැටෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
රථවාහන ගමනාගමනය එක් මං තීරුවකට පමණක් සීමාකර ඇති පස් කඳු කඩා වැටුණු ස්ථානවල රථවාහන ධාවනය කිරිමේදී සැළකිලිමත් ලෙස ඉවසීමෙන් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට ආරම්භ කර ඇත.
තවදුරටත් මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර ඇත.