හැටන් නැෂනල් බැංකුවෙන් ඊ බස් ටිකට්


මාතර ගමනාගමන ප්‍රවාහන සමාගම හා එක්ව හැටන් නැෂනල් බැංකුව විද්‍යූත් බස් ටිකට් හෙවත් ඊ ටිකට් ක්‍රමයක් හඳුන්වා දීමට යයි.අන්තර්ජාලයෙන්ද මෙම ටිකට් වෙන් කරවා ගැනීමේ පහසුව සැලැසේ.

නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය මහතා ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් මාතර බස් නැවතුම් පොළේදී ඉරිදා (26) පෙ.ව 9.45 ට  මංගල ටිකට් පත නිකුත් කිරීමට නියමිතය.