රංජිත් රාජපක්‍ෂ
හැටන් දිඹුල බෝගහවත්ත ප‍්‍රදේශයේ පෞද්ගලික කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයක සිට මුල්ලේරියාව දක්වා දියර කිරි ලිටර් නවදහස් හත්සියක් 9700 ප‍්‍රවහානය කළ බවුසරයක් පෙරලි අනතුරට ලක් වී ඇති බව දිඹුල පොලිසිය පවසයි.
අද (15) මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් කොටගල ස්ටොනික් කිලිප් වත්ත හරහා නාවලපිටියට පිවිසිමට ඇති කෙටි මාර්ගයේ ස්ටොනික් ක්ලිප් වත්ත ප‍්‍රදේශයේදීය.
අධීක බෑවුමි සහ වංගු සහිත මෙම මාර්ගයේ කිරි බවුසරය ධාවනය කරන විට බවුසරයේ පසු පස රෝද මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුවි ඇති බව දිඹුල පොලිසිය පවසයි.
කිරි බවුසරයේ තිබෙන දියර කිරි වෙනත් බවුසර් වලට ඉවත් කිරිමෙන් අනතුරුව අනතුරයට පත් කිරි බවුසරය මාර්ගයෙන් ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන දිඹුල නගරය හරහා ධාවනය කරවන ලෙස දිඹුල පොලිසිය රියදුරන්ට දන්වා තිබේ.
අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති අතර මෙවැනි විශාල බවුසරයක් එම මාර්ගයේ ධාවනය කිරිමට නොහැකිව තිබියදි රියදුරා කෙටි මාර්ගයක් ඔස්සේ බවුසරය ධාවනය කිරිම නිසා මෙම අනතුර සිදුවි ඇති බව දිඹුල පොලිසිය කියයි.