හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නවතී


රංජිත් රාජපක්ෂ

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කදු කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම නතර වී ඇති බව පොලිසිය පවසයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිමෙන් ගමනා ගමන කටයුතු අද (19) දින පෙ.ව 11 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව වටවල පොලිසිය සදහන් කරයි.

වටවල පොලිස් වසමට අයත් වටවල සිංහල විදුහල අසල ප්‍රධාන මාර්ගයට මාර්ගයට ඉහලින් වු විශාල පස් කන්දක්ද , වටවල දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගල් සහිත පස් කන්දක් කඩා වැටි ඇති බවයි පොලිසිය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරිය , යුධ හමුදාව සහ වටවල පොලිසියේ නිලධාරින් එක් ව කඩා වැටුණු පස් කදු ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

එම මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.