(රංජිත් රාජපක්ෂ )
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිම කඩිනම් කිරිමට පියවර ගත් බව හැටන් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීස් වීරසේකර මහතා පැවසීය.
හැටන්, ශැනන්, වටවල, දියගල සහ කළුගල යන ස්ථානවල ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩා වැටී ඇති අතර, එම මාර්ගවල රථවාහන ගමනා ගමනයට එක් මන්තීරුවක් විවෘත කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය පෞද්ගලික අංශය සමඟ එක්ව බැකෝ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් පස් ඉවත් කරන ආකාරය අප කැරාවේ සටහන් විය.
මේ වන විට එම මාර්ගයේ වටවල රොසැල්ල ප්‍ර දේශයේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන අතර, අද (01) පස්වරුව වන විට එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සදහා එක් මන්තීරුවක් විවෘත කරන බව පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.



