හැටන් ආපනශාලා වසා දමයි


 

.

 
(රංජිත් රාජපක්ෂ)                         
කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානම හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා හිමියන්ට ආපන ශාලා පවත්වාගෙන යායුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍යය අංශ විසින් ලබාදුන් නිර්නායක වලට පටහැනිව හැටන් දික්ඔය නගර සභා සිමාවේ ආපන  ශාලා හිමියන් කටයුතු කිරිම නිසා එම ආපන ශාලා (12) දින වසා දැමිමට හැටන් පොලිසිය කටයුතු කර තිබුණි.
 
හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ සහ හැටන් පොලිසියේ නිලධාරින් ආපන ශාලා හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව (13) දින සිට ආපන ශාලා තුල පිසු ආහාර අනුභව කිරිමට පාරිභෝගියන්ට (13) දින සිට අවස්තාව ලබා නොදෙන අතර පිසු ආහාර පාරිභෝගිකයන්ට ඇසුරුම් කර රැගෙන යාමට ආපන ශාලා හිමියන් විසින් කටයුතු කර ඇත.
 
පිසු ආහාර අසුරුම් කර පාරිභෝගිකයන්ට ලබා දිමේදිද සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ලබා දිමට ආපන ශාලා හිමියන් කටයුතු කර ඇත.