(රංජිත් රාජපක්ෂ)
පැවති අයහපත් කාළගුණයත් සමග පස්කඳු කඩාවැටීම නිසා අවහිරව තිබූ හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගය දින පහකට පසු එක් මංතීරුවක් අද දහවල් විවෘත කළේය.
එම මාර්ගයේ ස්ථාන කිහිපයකින් පස් කදු කඩා වැටීම හේතුවෙන් ඉකුත් (27) දින සිට ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.
හැටන් ශැනන් වත්ත, වටවල, රොසැල්ල, පොල්පිටිය සහ කළුගල යන ස්ථානවල ප්‍රධාන මාර්ගයට විශාල පස් කදු කඩා වැටි තිබුණි. එම මාර්ගයට කඩා වැටුණු පස් කපා ඉවත් කර, එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සහ ඊයේ (1) පස්වරු 2:30 සිටAnchor එක් මන්තිරුවකට සීමා කර විවෘත කරනු ලැබීය.
එම මාර්ගය යථා තත්වයට පත් කිරිමමට මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයත්, පෞද්ගලික අංශයේත් විශාල සහයෝගය ලැබුණු බව හැටන් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා කියා පැවැසිය.





