හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක මන්තිරුවක


(හැටන් රංජිත් රාජපක්ෂ)

පස් කදු කඩා වැටිමෙන් හා නාය යාම් හේතුවෙන්  අවහිර වි තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මන්තිරුවකට සිමා කර ඇත.

ගිනිගත්හේන  දියගල ප්‍රදේශය සහ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස්කඳු හා ගල් පර්වත කඩා වැටීමෙන් මෙසේ  මාර්ගය අවහිර වී තිබුණි.

ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ නායයාමේ අවධානම් ස්ථානයක් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කරමින් සිටියදි මෙසේ විශාල පස් කන්දක් සහ ගල්පර්වත  ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇත.

මේ වන විට මධ්‍යම කදුකරයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව ගොස් ඇති බවත්  නායයාම් සිදු මාර්ගවල වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ව රිය ධාවනය කරවන ලෙසත්  ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.