ගොඩකවෙල මල්වත්තේ දී සහල් කිලෝ පහක් නිසා පාරේ නිදා සිටි පුද්ගලයකු මරා දමා ඇතැයි පොලීසිය කියයි.
කඩයකින් සහල් මිලදී ගත් පුද්ගලයකු එම සහල් මල්ල තැබු ස්ථානය අමතක වී ඇතැයි ද පාර අයිනේ නිදා සිටි පුද්ගලයගෙන් ඒ ගැන විමසා ඇතැයිද පොලීසිය කියයි.
පොලීසිය පවසනුයේ එම සිද්ධිය මත මෙම ඝාතනය සිදු වන්නට ඇති බවයි.
පොලිස් සුනඛ සනාගේ උදව්වෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

