හානිය දැන්ම කියන්න බෑ


වීරවිල ගජබා කඳවුරේ පිපිරීම් සඳුදා රාත‍්‍රී 9 වන විටත් පැවැති හෙයින් සිදුවූ අලාභය දැන ගැනීමට නොහැකි යැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි පවසයි. කිසිවකුටත් ඒ පෙදෙසට යා නොහැකි හෙයින් පරීක්ෂණයක් පැවැත්වීම ද පමා වන බව ඔහු කියයි. රාත‍්‍රි 9 වන විටත් වරින් වර පිපිරීම් සිදුවිය.