හසිත මඩවල ඝාතන සැකකරුවන්ට ඇප


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් වසර එක හමාරක පමණ සිට රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෝ අභියාචනාධිකරණ නියෝග පරිදි ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය විසින් ඇප පිට මුදාහරිනු ලැබූහ.

 රංගන කුමාර පෙරේරා සහ අශේන් චතුරංග යන විත්තිකරුවන් මුදා හරිනු ලැබුවේ රුපියල් තුන් ලක්ෂයක මුදල් හා විසි ලක්ෂයක ශරීර ඇප දෙකක් මතය.

ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මහාධිකරණය භාරයේ තැබිය යුතු බවටත්, සෑම මසකම අවසන් රාජකාරි දිනයේ මහාධිකරණ රෙජිස්ටාර් හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කැරිණි.