හවායි දුපත්වලට එන අය නිරෝධායනයට


ඇමෙරිකාවේ හවායි ප්‍රාන්තයට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අද (24) අලුයම සිට නැවත දැනුම්දෙන තුරු එම නිරෝධායන කටයුතු සිදුකෙරෙන බව හවායි  ප්‍රාන්ත ආණ්ඩුකාර ඩේවිඩ් ඉගේ ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 340 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයින් 26,686 දෙනෙකුට වයිසරය ආසාදිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාඩියන් ඇසුරෙනි ....
(125)