හලෝවෙන් තර්ජනය කළ සැටලිම් බාස් අල්ලයි


ඇමරිකාවේ නාවික හමුදාවේ කැප්ටන්වරයකු ලෙස සේවය කරන බැද්දගාන පදිංචි ශ්‍රී ලාංකිකයකුගේ දුව පැහැරගන්නා බවට තර්ජනය කළ අයකු අඹතලේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම දියණියගේ මවට දුරකථන ඇමතුම් ලබාදී පැහැරගන්නා බවට තර්ජනය කර ඇති බවට සැකපිට ඔහු සතුව තිබූ ජංගම දුරකථනය හා සිම්පතද පොලිස් භාරයට ගෙන ඇත.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් කළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයා සොයාගෙන ඇති අතර ඔහු ඕපනායක පදිංචි සැටලිම් බාස් කෙනකු බව කියති.