හලෝ නියාමන කට්ටියත් සිල් රෙදි බෙදලා


ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදල් රුපියල් මිලියන 600ක් සිල්  රෙදි බෙදා හැරීමේ වැඩසටහනක් සඳහා යොදවා සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට ලබන ඔක්තෝබර් 7 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (18) නොතීසි නිකුත් කළාය.

මොවන්ට එරෙහිව නිතිපතිවරයා චෝදනා ගොනු කර තිබිණි.