හලාවතට පොලිස් ඇඳිරිය


බ‍්‍රහස්පතින්දා උදේ හය වනතුරු හලාවත නගර සභා බල ප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද උදේ හලාවතදී පොලිස් වෙඩි පහරින් ධීවරයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් ධීවරයන්ද ආරක්‍ෂක අංශ සිටි දෙසට ගල් මුල් හා බෝතලවලින් පහරදුන් බවත් සිද්ධිය දුටුවෝ කියති. ගැටුම් සමනය කිරීමට හලාවත කතෝලික පූජකවරුන් ප‍්‍රසංශනීය උත්සාහයක් ගත් බව බොහෝ දෙනෙක් කියති.