හලාවත ධීවරයෝ අදත් මූදු නොයති
රජයේ රුපියල් විසි පහේ භූමිතෙල් සහනාධාරය බොරුවක් බව කියමින් හලාවත ධීවරයෝ අදත් මුහුදු නොගියහ.
ඇතැමුන් විරෝධයට එක් නොවී කුඩා ඔරුවලින් ගොස් මසුන් අල්ලාගෙන ගොඩබිමට එද්දී තවත් ධීවරයෝ පිරිසක් එම මසුන් මුහුදට විසිකළැයි ද කියති.
ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න නිසි විසඳුමක් දෙනතුරු මුහුදු නොයන බව හලාවත ධීවරයෝ කියයි. අද ඔවුන් මුහුදු නොයන්නේ අටවැනි දිනටයි.

