හලාවත දරුවා මැරූ සැකකරු මුලතිව්වලින් අල්ලයි


හලාවත ඉරණවිල අවුරුදු නවයක දරුවකු අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ගිරව් අල්ලා දීමට යැයි කියමින් දරුවා කැළයට රැගෙන ගොස් අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.

දරුවා අපයෝජනය කර මරා දැමූ බවට සැක කරන පොල් කඩන පුද්ගලයා සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව සැකකරු අද උදේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.