හලාවත ආරක්ෂාව තරකරයි By None // 2012 පෙබ 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හලාවත ධීවරයාගේ මරණයට හේතුව වෙඩි උණ්ඩයක් හිසට ඇතුළුවීම බව හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය ඩී කේ විජේවර්ධන මහතා නිගමනය කළේය. හලාවත මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතාගේ නියෝගයෙන් මේ පරීක්ෂණ පැවැත්වූයේ දෙදරැ පියකු වන හලාවත එගොඩවත්තේ වර්ණකුලසූරිය ඇන්ටනි පනාන්දු මහතාගේ (32) මරණය සම්බන්ධයෙනි. ඔහුගේ මළගම සෙනසුරාදා (18) සිදුකිරීමට නියමිතය. ඔහුගේ බිරිය මැදපෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටියාය . පොලීසිය හා යුදහමුදාව නගරයේ ආරක්ෂාව තරකැර ඇත. හමුදා බෆල් රථ ද තැන තැන රඳවා ඇත. පෙර දින ගැටුම් සිදුවූ වැල්ල පාරේ සිට කණ්ඩායම් වශයෙන් නගරයට පැමිණීමට පොලීසිය අවසර නොදෙයි. නගරය සාමකාමීව ඇත. මළ ගෙදරට කළුකොඩි ද ඔසවා ඇත. වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්ර මහතා පොලිස් සුභසාධක අරමුදලින් රුපියල් පන්ලක්ෂයක චෙක්පතක් පවුලේ සමීප ඥාතීනට භාර දුන්නේය. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිස් නිලධාරීන්ගේ රැස්වීමක් සඳහා හලාවතට පැමිණීමට ද නියමිතව සිටියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත