හලාවත අපේක්ෂකයෙක් අත්අඩංගුවට


පුත්තලම - ජූඩ් සමන්ත.


හලාවත - මාදම්පේ ප්‍රදේශයේදී ගැටුමක් ඇති කර ගත් බව කියන හලාවත  ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරණ අපේක්ෂකයෙකුව සහ තවත් අයෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා 09 වැනිදා රාත්‍රීයේ මාදම්පේ - නෙළුම්පොකුණ ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් කලබලයක් ඇති කර ඇත. එම නිවසේ හිමිකරුද පෙරලා අපේක්ෂකයා පදිංචි මාදම්පේ - සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් කලබලයක් ඇති කර ඇති බව පොලීසිය කියයි.මෙම සිද්ධියේදී නිවාස දෙකෙහිම සුළු දේපල හානියක් සිදුවී ඇත.


ගැටුමටඑ සම්බන්ධ දෙපාර්ශවයම සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිළි කිරීම සදහා 10 වැනිදා පෙරවරුවේ මාදම්පේ පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට 10 වැනිදා දහවල් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.