හල්පෙටත් සැඩ සුළං


ඉඹුල්පේ, හල්පේ ප්‍රදේශයේ හරහා හඹා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස පනහකට පමණ හානිවී එකසිය පනහත් දෙසීයත් අතර පිරිසක් අවතැන්වී  ඇතැයි රත්නපුර මහා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පවසයි.

රාත්‍රිය වනවිට සුළං තදින් හමායාමේ අවදානමක් පවතින  නිසා  හානි වූ නිවාසවල සහ අවදානම් තත්වයේ පවතින නිවාසවල පදිංචි අය හල්පේ විද්‍යාලයේ සහ තවත් ස්ථාන තුනක ආරක්ෂා සහිතව රඳවා පිසූ අහර ලබාදීම ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් ජේ.එල්.සී.කේ.ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරේ.

බොහෝ නිවාසවල වහලවල්  සුළගේ ගසාගෙන ගොස් ඇති බවත් මාර්ගයේ ගමන්ගත් ඇතැම් ත්‍රිරෝද රථ සුළගේ රළු බව නිසා පෙරළුණු බවත් ප්‍රදේශවාසීහු කිහ.