සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට පැය පහක් ඇතුළත මිලිමීටර් 125ක වර්ෂාවක් ලැබීමත් සමග නාය යෑමේ අවදානමට ලක් වූ කොස්ලන්ද කොටබක්ම ප්‍රදේශයේ පවුල් පහක පිරිසක් ඉවත් කර ආරක්ෂිත ස්ථානවලට යැවූ බව හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ නිලධාරී වසන්ත කුමාර මහතා පැවැසීය.
වර්ෂාවත් සමග නිවෙස්වල බිත්ති ඉරිතලා විශාල ගිලා බැසීම් දක්නට ඇති බවත් මේ පිළිබඳව පර්යේෂණ වාර්තාවක් කඩිනමින් ලබා ගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දුන් බව ද ප්‍රදේශීය ලේකම් සුනිල් අබේකොන් මහතා කීවේය.

