හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල බත්ගොඩදී ඊයේ රාත්‍රී 11.30 පමණ සිදු වූ රිය අනතුරකින් අට දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පස් දෙනෙකු දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත.
කොළඹ දෙසට එලවළු ප්‍රවාහනය කළ ලොරියක් සහ වැලිමඩ දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. තුවාල ලැබූ සියලු දෙනා වෑන් රියේ ගමන් ගත් පිරිස වේ.
සිංහරාජ නැරඹීමට ගිය තරුණ පිරිසක් මෙසේ තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



