හල්දුම්මුල්ල බස් රථ අනතුරකින් 6කට තුවාල


(සමන් පාලිත නානයක්කාර / ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)

බණ්ඩාරවෙල සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගි බස් රථයක් හල්දුම්මුල්ල කළුපහණ හන්දියේ දී  පාරෙන් ඉවතට පැන වෙළඳසළක ගැටි හය දෙනෙක් තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහල‍ට ඇතුළත් කරනු  ලැබු බව පොලිසිය පවසයි.

රියදුරු සහ සහායක අසුනේ සිරි වී සිටින බවත් ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් පොලිසිය කියයි.