හරීන්ට - ඔහුගේ පියාට එරෙහිව පැමිණිල්ලක්


(නිමල කොඩිතුවක්කු)

පසුගියදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයන් පිලිබඳ තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට අමාත්‍ය  හරීන් ප‍්‍රනාන්දු මහතාට  සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද (24) පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

එම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය ඔස්සේ සිදුකළ ප‍්‍රකාශයන් උපුටා දක්වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන දැනම  වනස් කිරීම සම්බන්ධයෙන් හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා සහ ඔහුගේ පියා  පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකර ඔවුන් අත්අඩංගුවට ගෙන සුදුසු නීත්‍යානුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද මෙම පැමැණිල්ල මගින් ඉල්ලා සිටි බවද උපුල් විජේසේකර මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමයේ  ප‍්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරු එක්ව සිටියහ.