හරීන් පන්නන වෑයම අතනාරී


ඌව පළාත් සභාවේ මහ ඇමති  ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කිරීම සහ ඔහු මහ ඇමතිධූරයේ කටයුතු කරීම ප්‍රතික්ෂේප  කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද(04) ඇපැල් මෝසකම් ගොනු කැරිණි.

නිසි කරුණු සලකා බැලීමකින්  තොරව එම නියෝගය ලබාදී  ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීම  අත්හිටුවන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු හා ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන චාමර සම්පත් දිසානායක ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවරයා , එම පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු ,ඌව පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරයා ,නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.