හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ - විගණකාධිපති


ආරියරත්න රණබාහු
 
මුදල් රෙගුලාසි කඩ කිරීමේ චොදනාව ට සිරදඬුවම් නියම වූ ලලිත්  වීරතුංග මහතාට ඒ දඬුවම ලැබුණු අයුරින්ම නිසි විගණනයන් සිදු කළහොත් රාජ්‍ය නිලධාරීන්ගෙන් භාගයක්ම අද සිටිය යුත්තේ හිරේ යැයි විගණකාධිපති ගාමිණි වි‍ජේසිංහ මහතා අද (18) පැවසීය. 

 
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හි අද පැවති වැඩමුළුවක් අමතමින් විගණකාධිපතිවරයා එසේ කීය.