හර්ෂ ද සිල්වාට මුදල් රාජ්‍ය ඇමතිගෙන් දොස්


සුජිත් හේවාජුලිගේ සහ අරියරත්න රණබාහු
 
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සුව සැරියේ ගිලන් රථ සේවයට අදාළව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදි අද (21) හර්ෂ ද සිල්වා මහතාට දොස් පැවරුවේය.
 

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ දොස් පැවරුවේ සුරාබදු ආඥා පනත යටතේ නිවේදන පිළිබද විවාදයේ දීය.
 
රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා 
 
හර්ෂ ද සිල්වා ඇමතිතුමා මේ ගිලන් රථ සේවාව  උතුරට ඕනද නැද්ද කියලා සිරිතරන් මන්ත්‍රීතුමාගෙන් ඇහුවා . මම ඒ කතාවට විරුද්ධයි ඔබතුමාට එහෙම අහන්න බැහැ. උතුරේ ඉන්නේ සිරිතරන් විතරක් නෙවෙයි.  අපි එක දෙන්නේ උතුරේ ජනතාවටයි. උතුරේ ජනතාවගේ මෙන්ම දකුණේ ජනතාවගේ අයිතිවාසිකම් අරක්ෂා විය යුතුයි.