වසර 2012 දී යාපන නගරයේදී ගව ඝාතකයකුගෙන් බේරාගත් ගවයෙක් නාගදීප පුරාණ රජමහා විහාරයේ දැන් නිදහසේ හැසිරෙයි.
විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියෝ එදා ඒ සතා බේරාගත්හ. තමාගේ පණ බේරූ බුදු පුතාට මේ ගවයා ගාත් බිම තබා නමස්කාර කරන අයුරු පන්සලට යන එන බොහෝ දෙනෙක් දකිති.
මේ බව දකින බොහෝ දෙනාගේ ඇස් කඳුළින් පිරෙන අවස්ථාද බොහෝය.
යාපන නගරයේද උතුරේද ගව මස් කඩ ඇත.







