පන්නිපිටිය ධර්මපාල විදුහල අසල ඉදිකෙරෙන මගී ගුවන් පාලම හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනය අද (28) රාත්‍රී 10 සිට හෙට අලුයම දක්වා සීමා කෙරෙන බව රථවාහන පොලිසිය කියයි.
කොට්ටාව, පන්නිපිටිය ගුවන් පාලම අසල සිට කොට්ටාව දක්වා මෙසේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවත් ඒ වෙනුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

