පසුගිය 24 වෙනිදා ඒකාබද්ධ විපක්ෂය කොළඹ හයිඞ් පිටියේදී රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයට පිළිතුරු වශයෙන් රජයට හිතවත් වෘත්තීය සමිති කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රජයට සහය පළ කරමින් විපක්ෂය හෙලා දුටුවේය. බස්නාහිර ආණ්ඩුකාර අලෙවිමව්ලානා මහතාද එහි පැමිණ සිටියේය.